දිමුත් හා ධනංජයගෙන් අගනා සබදතාවයක් ; ශ්‍රී ලංකාව ලකුණු 444 ක් ඉදිරියෙන්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. (27)

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 297 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 84 ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 8 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 61 කට දැවී ගියා.

ඒ, ධනංජය ද සිල්වා සමග 6 වැනි කඩුල්ල සදහා ලකුණු 126 ක අගනා සබදතාවයක් ගොඩ නැගීමෙන් අනතුරුවයි.

පිට කොන්ද ආශ්‍රිත ආබාධ තත්ත්වයක් සහිතව පිතිකරණයේ නිරත වූ දිමුත් අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 31 වැනි අර්ධ ශතකයයි.

එමෙන්ම ඔහු මෙම ඉනිමේ දී සිය ටෙස්ට් ලකුණු 6,000 සීමාව ද පසු කර යාම විශේෂත්වයක්. ටෙස්ට් ලකුණු 6,000 ක් වාර්තා කළ 6 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ඔහුයි.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 18 කට දැවී ගියා.

අද දිනය සදහා තරගය ආරම්භ කළ අවස්ථාවේ සිට දිවා ආහාරය සදහා තරගය නතර කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 121 ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15 කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 19 කටත් ඊයේ දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 15 යි. තම සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 35 ක් ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් හා මොහමඩ් නවාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා. යසීර් ශාහ්, නොවුමන් අලී හා අගා සල්මාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 378 ක් රැස් කළා. පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 231 ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 444 ක් ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...