2023 වසරේ සිට 2027 වසර දක්වා කාලයට අයත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන (FTP 2023-27) සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, මේ වන විට එංගලන්තයේ බර්මිංහැම්හී දී පැවැත්වෙන අයි.සී.සී වාර්ෂික රැස්වීමේ දී යි.
ඉදිරි දිනවලදී එම තරග කාලසටහන නිවේදනය කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
මේ අතර, අයි.සී.සී සභාපතිධූරය සදහා වන නිලවරණය ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
මේ වන විට එම ධූරයේ කටයුතු කරන්නේ Greg Barclay.
2022 දෙසැම්බර් පළමු වැනිදා සිට 2024 වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා වසර දෙකක කාලයක් සදහා නව සභාපතිවරයාට ධූර කාලයක් හිමි වනු ඇති.
මේ අතර, නවසීලන්තයේ ඩැනියල් විටෝරි හා ඉන්දියාවේ වී.වී.එස් ලක්ෂ්මන් අයි.සී.සී පිරිමි ක්‍රිකට් කමිටුව වෙත පත් කර තිබෙනවා.
එමෙන්ම කොදෙව් දූපත්හි රොජර් හාපර් හිටපු ක්‍රීඩක නියෝජනයක් ලෙස එම කමිටුව පත් කර ඇති අතර, ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ද හිටපු ක්‍රීඩකයින් නියෝජනය කරමින් එම කමිටුවට ඇතුළත්.

