හෝල්ඩර්ගේ සටන අපතේ යයි; පංජාබ් කණ්ඩායමට අවසන් පන්දුවේ දී වාර්තාගත ජයක්

Date:

පන්දු යවන්නන් පෙන්නුම් කළ සුපිරි දක්ෂතාවය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වන තරග‍යෙන් අවසන් පන්දුවේ දී ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(25) සමත් වුණා.

සාජාහී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ මෙම තරගයෙන් පංජාබ් කණ්ඩායම ජය වාර්තා කළේ සාජා ක්‍රීඩාංගනයේ පැවැති අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් තරගයක් ජය ගැනීමට සාර්ථකව ආරක්ෂා කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතු කර ගනිමින්.

එමෙන්ම අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් තරගයක් ජය ගැනීමට සාර්ථකව ආරක්ෂා කළ 6 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වුණා.

  • කාසියේ වාසිය හා කණ්ඩායම් දෙක

තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

කණ්ඩායම් දෙක –

Punjab Kings XI:

KL Rahul, M Agarwal, C Gayle, A Markram, N Pooran, D Hooda, N Ellis, R Bishnoi, M Shami, H Brar, A Singh

Sunrisers Hyderabad XI:

D Warner, W Saha, K Williamson, M Pandey, K Jadhav, A Samad, J Holder, R Khan, B Kumar, S Sharma, K Ahmed

  • PBKS 125/7 (20)

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හයිදරාබාද් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කේ.එල් රාහුල් හා මයාන්ක් අගාර්වල් පිළිවෙලින් ලකුණු 21කටත්, ලකුණු 5කටත් දැවී ගියා.

ක්‍රිස් ගේල් ලකුණු 14යි. ඒඩ්න් මාක්‍රම් ලකුණු 27ක් රැස් කළ අතර, නිකලස් පූරාන් ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි.

දීපක් හූදා ලකුණු 13ක් ද, හර්ප්‍රීට් බ්‍රර් නොදැවී ලකුණු 18ක් ද නේතන් ඇලස් ලකුණු 12ක් ද ලබා ගනිමින් පංජාබ් ඉනිම යම් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් සිය හොදම අයි.පී.එල් පන්දු යැවීම ප්‍රදර්ශනය කරමින් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා. සන්දීප් ශර්මා, බුවනේෂ්වර් කුමාර්, රෂීඩ් ඛාන් හා අබ්දුල් සමාද් අතරේ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

  • SRH 120/7 (20)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පංජාබ් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

යළිත් අසාර්ථක වූ ඩේවිඩ් වෝනර් ලකුණු 2කට තෙවැනි පන්දුවෙන්ම දැවී ගියා. නායක කේන් විලියම්සන් රැස් කළේ එක් ලකුණක් පමණයි. එම කඩුලු දෙකේම හිමිකරුවා බවට පත් වුණේ මොහොමඩ් ෂාමි.

ව්රිිධිමන් සහා ලකුණු 31ක් රැස් කරමින් ඉනිමට යම් සහනයක් ලබා දුන්නා. මනීෂ් පාන්ඩේ ලකුණු 13කටත්, කෙදාර් ජාදාව් ලකුණූ 12කටත්, අබ්දුල් සමාද් එක් ලකුණකටත් පිටියෙන් ඉවත් වුණේ සන්රයිසස් කණ්ඩායමේ සියලු බලාපොරොත්තු ජේසන් හෝල්ඩර්ගේ කර මත තබමින්.

සිය හොදම අයි.පී.එල් ඉනිම දියත් කළ හෝල්ඩර් පන්දු 29කින් නොදැවී ලකුණු 47ක් රැස් කළේ හයේ පහර 5ක් සමගින්. කෙසේ වෙතත්, ඔහුගේ සටන තරගයේ අවසන් පන්දුවෙන් අපතේ ගියා.

අවසන් පන්දුවේ දී කණ්ඩායම් දෙකේම ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයකට රැගෙන යමින් තරගය සුපිරි පන්දුවාරයක් කරා රැගෙන යාමටනම් හෝල්ඩර්ට හයේ පහරක් එල්ල කිරීමට සිදුව තිබූ නමුත්, සිය මංගල අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළ නේතන් ඇලස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔහුට එම පන්දුවට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගය පරාජයට පත් වුවද තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ සන්රයිසස් පිලේ ජේසන් හෝල්ඩර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...