උඩු ගුවනේ පියඹමින් සුචිත් තනි අතින් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියර මේ දිනවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

තරගාවලියේ දී මේ වන විටත් විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීම් කිහිපයක්ම දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

එවැනි විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක් තරගාවලියේ 37 වැනි තරගයේ දී ද දැක ගත හැකි වුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි මෙම තරගය පැවැත්වුණේ.

පංජාබ් කිංග්ස් කණ්ඩායම මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර, ඔවුන්ගේ ඉනිමේ 16 වන පන්දුවාරයේ දී ජේසන් හොල්ඩර් විසින් යොමු කළ 4 වන පන්දුවට කවර් ප්‍රදේශයට ඉහළින් ඉතා වේගවත් පහරක් එල්ල කිරීමට දීපක් හූදා උත්සාහ කළා.

කෙසේ වෙතත්, ඔහුගේ උත්සහාය ව්‍යාර්ථ කරමින් ඉතාමත් විශිෂ්ඨ අන්දමින් එය උඩපන්දුවක් ලෙස රැක ගැනීමට ජගදීෂ සුචිත් සමත්වුණා.

විදුලි වේගයෙන් පියඹා ගොස් උඩු ගුවනේ දී තනි අතින් ඔහු රැකගත් මෙම උඩ පන්දුව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ මෙන්ම ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ද වඩාත් පැසසුමට ලක් වනු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...