නොකියා ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ දිල්ලිය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වන තරගයෙන් ලකුණු 33ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ යළිත් පෙරමුණ හිමි කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(25) සමත් වුණා.

අබුඩාබි හි පැවැති මෙම තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

  • කාසියේ වාසිය හා කණ්ඩායම් දෙක

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් නායක සංජු සැම්සන් පළමුවෙන් පන්දු යැවීමටයි තිරණය කළේ.

Rajasthan Royals XI: D Miller, Y Jaiswal, S Samson, M Lomror, L Livingstone, R Parag, R Tewatia, T Shamsi, K Tyagi, C Sakariya, M Rahman

Delhi Capitals XI: P Shaw, S Dhawan, S Iyer, R Pant, S Hetmyer, L Yadav, A Patel, R Ashwin, K Rabada, A Khan, A Nortje

  • DC 154/6 (20)

රාජස්ථාන් ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිල නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කරමින්.

ඉනිම ආරම්භ කළ ශිකර් ධවාන්ට හා ප්‍රිත්වි ෂෝට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට රාජස්ථාන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පළමු කඩුල්ල ලෙස ධවාන් ලකුණු 8කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 18ක් ලෙස සටහන්ව තිබියදීයි. ප්‍රිත්වි ෂෝ ලකුණු 10කට දැවී ගියා.

අනතුරුව ඉනිම ගොඩ නැගූ හිටපු නායක ෂ්රෙයස් අයියර් හා නායක රිෂාබ් පාන්ට් පිළිවෙලින් ලකුණු 43ක් හා 24ක් ලබා ගත්තා. ශිම්රන් හෙට්මයර් ලකුණු 28(16)ක් ද, ලලිත් යාදෙව් නොදැවී ලකුණු 14ක් ද, අක්සාර් පටෙල් ලකුණු 12ක් ද ලබා ගනිමින් දිල්ලි ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 6යි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 22කට කඩුලු 2ක් හා චේතන් සකාරියා ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලුවා. කාර්තික් ත්‍යාගි හා රාහුල් තෙවාටියා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

  • RR 121/6 (20)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට දිල්ලි පන්දු යවන්නන් කිසි විටකත් ඉඩ ලබා දුන්නේ නැහැ.

පළමු පන්දුවාරයේ අවසන් පන්දුවෙන්ම ලියම් ලිවින්ග්ටන් එක් ලකුණකට දවා ගැනීමට අවේශ් ඛාන් සමත් වුණා. අනතුරුව දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම යශස්වි ජයස්වාල් ලකුණු 5කට දැවී ගියා. ඒ, අන්රිච් නොකියාගේ පන්දුවක් හමුවේයි.

රාජස්ථාන් පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව පසු කළේ නායක සංජු සැම්සන් හා මහිපාල් ලොම්රොර් පමණයි. මහිපාල් ලකුණු 19ක් රැස් කළා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සැම්සන් නොදැවී ලකුණු 70ක් රැස් කළේ පන්දු 53කින්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා සිටියදී යි.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා කඩුලු 2ක් ද, අවේශ් ඛාන්, රවිචන්ද්‍රන් අශ්වින්, කාගිසෝ රබාඩා හා අක්සාර් පටෙල් එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ෂ්රෙයස් අයියර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...