හසන් අලී ටෙස්ට් සංචිතයට යළි කැදවයි

Date:

වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී යළි පාකිස්තාන ටෙස්ට් සංචිතයට කැදවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන පාකිස්තාන තරග සංචාරයට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයටයි ඔහුව මෙලෙස කැදවා ඇත්තේ.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති මැද පෙල පිතිකරු කම්රාන් ගුලාම් ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී දණහිසක ආබාධයකට ලක් වූ ශහීන් ශාහ් අෆ්රිඩි තවදුරටත් එම ආබාධයෙන් සුවය ලබමින් සිටින බැවින් මෙම තරගාවලිය සදහා ද ඔහුව නම් කර නැහැ.

ආබාධයක් හේතුවෙන් එංගලන්තය සමග පැවැති අවසන් ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා නොකළ නසීම් ශාහ් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් හැරිස් රවුෆ් එම තරගයේ දී ගොදුරු වූ ආබාධයක් හේතුවෙන් අවසන් ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා නොකළ අතර, ඔහුට නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

පාකිස්තාන – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26 වැනිදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

Pakistan Test squad:

Babar Azam, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Kamran Ghulam, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Noman Ali, Sarfaraz Ahmed, Salman Ali Agha, Saud Shakeel, Shan Masood and Zahid Mehmood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...