ස්ටාර්ස් හා ෆැල්කන්ස් අවසන් වටයේ තෙවැනි තරගයට ; ගාල්ල ඉවතට විසිවෙද්දී කිංග්ස් අවසන් තරගයට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (22) පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය (Qualfier 2) සදහා සුදුසුකම් ලබා ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, අද පැවැති අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 18 කට සීමා කෙරුණු අතර, පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 108 ක් රැස් කළා.

සියලු පිතිකරුවන් පාහේ අසාර්ථක වූ පසුබිමක මෙවර තරගාවලියේ සිය පළමු තරගයට ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පන්දු 31 කින් ලකුණු 53 ක් වාර්තා කළා. ඒ, හයේ පහර හා හතරේ පහර 3 බැගින් වාර්තා කරමින්. පන්දු යැවීමේ දී බෙනී හවෙල් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ රවී බොපාරාගේ නොදැවුණු ලකුණු 43(28) න් හා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නොදැවුණු ලකුණු 20 න් ශක්තිමත් වෙමින්.

ඒ අනුව මෙම තරගයෙන් ජය ගත් ස්ටාර්ස් කණ්ඩායම හෙට දිනයේ දී අවසන් වටයේ තෙවැනි තරගයේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 23 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර අද පැවැති අතර, ඉන් කිංග්ස් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 24 ක ජයක් වාර්තා කරමිනුයි අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

https://twitter.com/cricday96/status/1605630842654842880?t=SYsPi7nBuogxTFuZaGXr8A&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...