වසීම් අක්‍රම් දිවයිනට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් අද (22) පෙරවරුවේ දී දිවයිනට පැමිණියා.

ඒ, හෙට(23) පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගය සදහා එක් වීමේ අරමුණින්.

තරගාවලියේ අවසන් මහා තරගය සදහා මේ වන විටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබා අවසන්.

තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති අතර, ඉන් කිංග්ස් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 24 ක ජයක් වාර්තා කරමිනුයි අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (22) පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය (Qualfier 2) සදහා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගෙන ඇති අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව හෙට දිනයේ දී තරග බිමට පිවිසෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...