සන්රයිසස් පළමු තරගයේ නායකත්වය බුවනේෂ්වර්ට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගයේ දී කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම බුවනේෂ්වර් කුමාර්ට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ඒඩ්න් මාක්‍රම් නෙදර්ලන්තයට එරෙහි තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ දී දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට නියමිතව සිටින බැවින්.

එම තරගාවලිය නිමා වීමෙන් පසුව මාක්‍රම් ලබන 3 වැනිදා ඉන්දියාවට පැමිණීමට නියමිතයි. අදාළ එක්දින තරගාවලිය දකුණු අප්‍රිකාවට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා අතිශය වැදගත් තරගාවලියක් වන බැවින් අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩකයින් නිදහස් නොකර නෙදර්ලන්තයට එරෙහි තරගාවලිය සදහා ශක්තිමත් සංචිතයක් නම් කිරීමටයි දකුණු අප්‍රිකාව පියවර ගත්තේ.

ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමටනම් දකුණු අප්‍රිකාව එම එක්දින තරග දෙකම ජය ගත යුතු අතර, අයර්ලන්ත කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී අවම වශයෙන් එක් තරගයක් පරාජයට පත් වීම ද සිදු විය යුතුයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට(31) ආරම්භ වීමට නියමිත අතර, සන්රයිසස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හයිදරාබාද් හී දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් දෙවැනිදා පැවැත්වීමට නියමිතයි.

බුවනේෂ්වර් කුමාර් 2013 වසරේ සිට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරනවා. ඔහු මීට පෙර ද තරග 7කදී එම කණ්ඩායම මෙහෙයවා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...