හේසල්වුඩ්ට IPL තරග රැසක් අහිමි වන ලකුණු

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්.

මේ වන විට ඔහු සිඩ්නි හි රැදී සිටින අතර, අයි.පී.එල් තරගාලියට සම්බන්ධ වීමට පෙර ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෛද්‍ය කමිටුව සමග ඊට අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය රුපියල් කෝටි 7.75 ක මුදලකටයි බැංගලෝර් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගනු ලැබුවේ.

ජොෂ් හේසල්වුඩ් මුහුණ දී සිටින ආබාධය හේතුවෙන් ඔහුට ඉන්දියාව සමග නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ටෙස්ට් තරගාවලිය අතරතුර දී ඔහුව යළි ඔස්ට්‍රේලියාවට පිටත් කර හැරීමටයි කටයුතු කෙරුණේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට(31) ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...