චෙන්නායි කණ්ඩායමට රෝයල්ස් වේග පන්දු යවන්නෙකු ආදේශ කෙරේ

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්‍රිට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට චෙන්නායි සංචිතය සදහා වමත් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ආකාශ් සිං ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආකාශ් සිං මීට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කර තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන්ට ද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට මීට පෙර සිදු වුණා.

චෙන්නායි කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද මෙවර අයි.පී.එල් තරගාවලියට එක්වන්නේ නවසීලන්ත තරග සංචාරය අවසන් වීමෙන් පසුවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට (31) අහ්මදාබාද් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...