ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු දකුණු අප්‍රිකාවට ; උපදේශක පුහුණුකරු ලෙසත් දකුණු අප්‍රිකානුවෙකු පත් කෙරේ

Date:

දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන Neil McKenzie ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයක් සදහා පත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු සමග ඔහු පුහුණු කදවුරකට එක්වීමට නියමිතයි.

නොවැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා දක්වා Neil McKenzie ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

පුහුණු කදවුරට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ(11) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. එම ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් ලැයිස්තුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තු තබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීම අතිශය වැදගත්.

තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කිරීමට නියමිත, එහෙත් නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 27 වැනිදා Durban හීදී ද, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා Gqeberha ද ආරම්භ වීමට නියමිතයි.

The squad taking part in the Pre-Series Camp

Dhananjaya De Silva, Dimuth Karunaratne, Angelo Mathews, Dinesh Chandimal, Lahiru Kumara, Prabath Jayasuriya, Nishan Peiris, Milan Rathnayake, Kasun Rajitha, Lasith Embuldeniya

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...