ගුර්බාස්ගේ ශතකය හා ඔමර්සායිගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ තරගාවලියේ ජය ඇෆ්ඝනිස්තානයට

Date:

රහ්මනුල්ලාහ් ගුර්බාස් වාර්තා කළ 8 වැනි එක්දින ශතකය හා අස්මතුල්ලාහ් ඔමර්සායිගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

සාජාහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 48.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ගුර්බාස් පන්දු 120 කින් ලකුණු 101 ක් ලබා ගත්තේ හයේ පහර 7 ක් හා හතරේ පහර 5 ක් සමගින්. වයස අවුරුදු 22 ක් වන විට පිතිකරුවෙකු වාර්තා කර ඇති වැඩිම එක්දින ජාත්‍යන්තර ශතක සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නේ ද ඔහුයි. එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය වත්මන් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංගට හිමිව තිබෙනවා.

Most ODI centuries at age 22 or younger

  • 8* – Rahmanullah Gurbaz (46 innings)
  • 8 – Quinton de Kock (52 innings)
  • 8 – Sachin Tendulkar (113 innings)
  • 7 – Virat Kohli (66 innings)
  • 6 – Babar Azam (32 innings)
  • 6 – Upul Tharanga (62 innings)

අස්මතුල්ලාහ් ඔමර්සායි නොදැවී ලකුණු 70 ක් හා මොහමඩ් නබී නොදැවී ලකුණු 34 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු යැවීමේ දී නහිද් රානා හා මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් මහ්මුදුල්ලාහ් ලකුණු 98 ක් හා වැඩබලන නායක මෙහිදි හසාන් මිරාස් ලකුණු 66 ක් රැස් කළා. නායක නජ්මුල් හොසේන් ශන්තෝ ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා කළේ නැහැ.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...