ශන්තෝ හා රහීම් කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට – නායකත්වය මෙහිදි හසාන්ට

Date:

ආබාධවලට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්තෝට (groin strain) හා මුෂ්ෆිකර් රහීම්ට (finger injury) බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව කොදෙව් ටෙස්ට් තරගාවලිය ඉතිහාසගත වීමට නියමිතව ඇත්තේ ශකිබ් අල් හසාන්, තමිම් ඉක්බාල් හෝ මුෂ්ෆිකර් රහීම් නොමැතිව බංග්ලාදේශ කණ්ඩායම වසර 16 කට පසුව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය ලෙසයි.

රහීම් අගෝස්තු මාසයේ පැවැති පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ සිට උරහිසක ආබාධයකට ද ලක්ව සිටි අතර, ඔහු ඇගිල්ලක ආබාධයකට ගොදුරු වුණේ ඇෆ්ඝනිස්තානය සමග පසුගිය සතියේ පැවැති පළමු එක්දින තරගයේදීයි.

ශන්තෝ අදාළ ආබාධයට මුහුණ දුන්නේ දෙවැනි එක්දින තරගයේදීයි. ඒ හේතුවෙන් ඔහුට අද පස්වරුවේ ආරම්භ වූ තෙවැනි එක්දින තරගය ද අහිමි වුණා.

ශන්තෝ වෙනුවට සංචිතයට මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු ආදේශ කර නැතත්, ඔහු වෙනුවට මෙහිදි හසාන් මිරාස් කණ්ඩායමේ නායකයා ලෙස කොදෙව් තරගාවලියේ දී කටයුතු කිරීමට නියමිතයි.

කලෙඩ් අහ්මඩ් හා නයීම් හසාන් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ලිටොන් දාස් යළි සංචිතයට නම් කර තිබෙනවා.

කොදෙව් – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය එළඹෙන 22 වැනිදා Antigua හීදී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh Test squad:

Mehidy Hasan Miraz (c), Shadman Islam, Mahmudul Hasan Joy, Zakir Hasan, Mominul Haque, Mahidul Islam Ankon, Litton Das (wk), Jaker Ali, Taijul Islam, Shoriful Islam, Taskin Ahmed, Hasan Mahmud, Nahid Rana, Hasan Murad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...