වනිදු එක්දින තරගාවලියෙන් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ දී පන්දු යවමින් සිටියදී ඔහුගේ වම් පාදයේ සිදු වූ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඔහු මේ වන විට යළි කොළඹ බලා පිටත්ව ගොස් ඇති අතර, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේදී ඔහු සිය පුනරුත්තාපන කටයුතු ආරම්භ කර තිබෙනවා.

දෙවැනි විස්සයි 20 තරගයේ දී වනිදු ආබාධයට ලක් වූ නමුත්, ඔහු ආබාධය ද සහිතව සිය පන්දුවාර 4 යවා නිමා කිරීමට සමත් වුණා. එහිදී වනිදු ලකුණු 17 කට දවා ගත් කඩුලු ගණන 4 ක්.

ඔහු වෙනුවට දුෂාන් හේමන්ත එක්දින සංචිතයට ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ අතර, දෙවැනි විස්සයි 20 තරගයේ දී පන්දුවක් පාදයක වැදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවත්, ඔහු එක්දින තරගාවලිය සදහා සූදානම්ව සිටින බවත් වාර්තාා වනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය හෙට(13) දඹුල්ලේ දී ආරම්භ වනවා.

මේ අතර, දෙවැනි විස්සයි 20 තරගයේ දී වම් පාදයේ ආබාධයකට ලක් වූ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට ද ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව මීට පෙර නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ආබාධය හේතුවෙන් දෙවැනි විස්සයි 20 තරගයේ දී ඔහු යවනු ලැබුවේ පන්දුවාර දෙකක් පමණයි. එහිදී ඔහු කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

ෆර්ගසන් වෙනුවට ඇඩම් මිල්න් එක්දින සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මිල්න් හෙට(13) දඹුල්ලේ දී නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...