විශ්ව ප්‍රනාන්දු පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කෙරේ

Date:

බංග්ලාදේශ කණ්ඩායම සමග මේ වන විට චිතගොංහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ තරගයේ තෙවැනි දිනය වන අද දිනයේ දී පන්දු යැවීමෙන් අනතුරුව ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් වෛද්‍ය උපදෙස් මත විශ්ව ප්‍රනාන්දු තරගයෙන් ඉවත් කළ බවයි.

ඊයේ(16) දිනයේ පිතිකරණයේ නිරත වෙමින් සිටියදී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් ඔහු අනතුරකට මුහුණ දුන්නා.

අදාළ අනතුර සිදූ වී පන්දු දෙකකට පසුව තරගය තේ පානය සදහා නතර කළ අතර, තේ පානයෙන් පසුව පන්දුවට පහර දීමට විශ්ව ප්‍රනාන්දු පිටියට පිවිසියේ නැහැ.

කෙසේ වෙතත්, 9 වැනි කඩුල්ල දැවී යාමෙන් අනතුරුව ඔහු යළි පිටියට පිවිස පිතිකරණයේ නිරත වුණා.

අනතුරුව ඊයේ පස්වරුවේ දී විශ්ව ප්‍රනාන්දු පන්දු යැවීමට ද කටයුතු කළ අතර, අද පෙරවරුවේ දී ද ඔහු පන්දු යවනු ලැබුවා.

කෙසේ වෙතත්, පසුව ඔහු තරගයෙන් ඉවත් කර, ක්‍රීඩකයෙකු කම්පන තත්ත්වයකට පත් වන අවස්ථාවකදී සිදු කරන ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ ඔහු වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට ආදේශ කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

මේ වන විට විශ්ව ප්‍රනාන්දු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...