ටමිම්ගෙන් හා මහ්මුදුල්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල පිළිතුරක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය අදයි(17).

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 157ක් ලබා සිටියා.

ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 89ක් හා මහ්මුදුල් හසාන් ජෝයි නොදැවී ලකුණු 58ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද පෙරවරුවේ තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ බංග්ලාදේශය රැස් කළ ලකුණු සංඛ්‍යාව 81ක්.

මහ්මුදුල් ලකුණු 51ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවකට ලබා දුන් උඩ පන්දුවක් ලසිත් ඇඹුල්දෙණිය අතින් ගිලිහී යාම ද විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී ද ටමිම් ඉක්බාල් ලකුණු 2ක් රැස් කර සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී ගිය නමුත්, පසුව අසිත ප්‍රනාන්දු යොමු කළ එම පන්දුව නිපන්දුවක් ලෙස ද සංඥා කෙරුණා.

චිතගොං හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 397ක්.

ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 240ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...