ටමිම්ගේ ශතකයෙන් පසු ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ වෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොං හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය අදයි(17).

තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 220ක් ලබා සිටියා.

ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 133ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු 217කින් වාර්තා වී ඇති ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 14යි.

ටමිම් ඉක්බාල් ලකුණු 114ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස් යොමු කළ පන්දුවකට ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතින් ගිලිහී ගියා.

ටමිම් සමග ඉනිම ආරම්භ කළ මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 58කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියා.

ටමිම් හා මහ්මුදුල් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 162ක්.

පළමු කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව දෙවැනි හා තෙවැනි කඩුලු පිළිවෙලින් ලකුණු 172 දී හා 184 දී බිද වැටුණා.

ඒ, නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු දෙකකටත්, නායක මොමිනුල් හක් ලකුණු දෙකකටත් දවා ගැනීමට කසුන් රාජිත සමත් වීමත් සමගයි.

කසුන් රාජිත මෙම තරගය සදහා පළමුව නම් කර නොතිබූ නමුත්, කම්පන තත්ත්වයකින් පසු වීම හේතුවෙන් මෙම ටෙස්ට් තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීම නිසා ඔහු වෙනුවටයි කසුන් රාජිත අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ආදේශ කිරීමට අද කටයුතු කෙරුණේ.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ බංග්ලාදේශය කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 63ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...