Watch : විනිසුරු බිය ගැන්වූ ටොම් කරන්ට BBL තරග තහනමක්

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට එරෙහිව බිග් බෑෂ් ලීග් තරග හතරක තහනමක් පනවා තිබෙනවා.

තරඟයකට පෙර ඇති වූ ආරවුලකදී විනිසුරුවරයෙකු බිය ගැන්වීම යන චෝදනාවට වරදකරු වීම හේතුවෙන් මෙම දඩුවම පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, සිඩ්නි සික්සර්ස් කණ්ඩායම විසින් අදාළ දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය 11 වැනිදා පැවැති තරගයට පෙර ටොම් කරන් ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාමවල නිරත වෙමින් සිටියදී තණතීරුවේ කොටසක් හරහා දිව ගොස් තිබෙනවා.

අනතුරුව විනිසුරුවරයෙකු විසින් ඔහුට එසේ නොකරන ලෙසට උපදෙස් ලබා දී තිබූ බව සදහන්.

අනතුරුව ටොම් කරන් තණතීරුවේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ඇත්තේ තවදුරටත් දිවයාමේ අරමුණින්. එහිදී කරන් තණතීරුව හරහා ගමන් කිරීම වැලැක්වීමේ අරමුණින් විනිසුරුවරයෙකු කඩුල්ල අසල රැදී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව කරන් විසින් විනිසුරුට තණතීරුවෙන් ඉවත් වන ලෙස සංඥා කර ඇති අතර, අනතුරුව ඔහු විනිසුරු සිටින දිශාවටම දිව ගොස් තිබෙනවා.

එහිදී කරන් හා විනිසුරු අතර ගැටීමක් සිදු වීමේ අවධානමක් පැවැති අතර, එය වළක්වා ගැනීමේ අරමුණින් විනිසුරු පියවරක් ටොම් කරන්ගේ ගමන් මාර්ගයෙන් ඉවතට යාමට කටයුතු කරනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ විනය නීති සංග්‍රහයේ තෙවැනි මට්ටමේ වරදක් ඔහු විසින් සිදු කර ඇති බවටයි තීරණය කර ඇත්තේ.

ලබා දී ඇති තහනම හේතුවෙන් කරන්ට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ඉදිරියේ දී ක්‍රීඩා කිරීමට නියමිත ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්, බෙල්බර්න් ස්ටාර්ස්, සිඩ්නි තන්ඩර් හා බ්‍රිස්බේන් හීට් යන කණ්ඩායම්වලට එරෙහි තරග අහිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...