තහනම් උත්තේජක චෝදනා හමුවේ සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්

Date:

තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Wessly Madhevere හා Brandon Mavuta ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනාගේ සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවා ඇති අතර, ඉදිරියේ දී අදාළ චෝදනා පිළිබද විභාගයක් පැවැත්වීමට නියමිතයි.

මෑතකදී සිදු කෙරුණු තහනම් උත්තේජක පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා තහනම් උත්තේජකයක් ලබා ගෙන ඇති බවට අනාවරණය වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විනය විභාගයකින් පසුව ඔවුන් දෙදෙනා වරදකරුවන් වුවහොත් ඔවුන්ට ලබා දෙන දඩුවම් කාලය පිළිබද තීරණය කරනු ඇති.

පසුගියදා අවසන් වූ අයර්ලන්ත කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය සදහා ක්‍රීඩා කළ සිම්බාබ්වේ සංචිතයට මෙම ක්‍රීඩකයින් දෙදෙනාම ඇතුළත්ව සිටියා.

2020 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනූ Wessly Madhevere මේ දක්වා ටෙස්ට් තරග දෙකක්, ජාත්‍යන්තර එක්දින තරග 36 ක් හා 20යි 20 තරග 60 ක් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

Brandon Mavuta ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2018 වසරේ දීයි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 12 ක් හා 20යි 20 තරග 10 ක් සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...