පාකිස්තානයේ ආබාධ ප්‍රශ්නය උග්‍ර වෙයි ; ශහ්සාඩ් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක Khurram Shahzad ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ආබාධයකට (rib stress fracture and abdominal muscle tear) ලක් වීම හේතුවෙන් ඔහුට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමටයි සිදුව ඇත්තේ.

පර්ත් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි ඔහු ටෙස්ට් වරම් දිනා ගත්තේ. එම තරගයේ දී පන්දු යවමින් සිටියදී ඔහුට යම් වේදනාවක් දැනී තිබූ බව සදහන්.

ඒ අනුව ඔහුව වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර, එහිදී ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබුණා. ඒ හේතුවෙන් ඔහුට මෙල්බර්න් හා සිඩ්නි හී දී පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරග දෙකම ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

Khurram Shahzad ඉදිරියේ දී ඔස්ට්‍රේලියාවේ දී වෛද්‍ය විශේෂඥවරයෙකු වෙත යොමු කිරීමට නියමිතව ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව ඔහු ලාහෝර් හී දී සිය ආබාධය සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වනු ඇති.

පර්ත් ටෙස්ට් තරගයේ දී Khurram Shahzad විසින් ඉනිම් දෙකේ දී ම ස්ටීව් ස්මිත් දවා ගත් අතර, දෙවැනි ඉනිමේ දී ලකුණු 45 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා. ඒ, ඩේවිඩ් වෝනර් හා මර්නස් ලබුෂේන්ගේ කඩුලු ද සමගින්.

මීට පෙර නසීම් ශාහ්ට ආබාධයක් හේතුවෙන් මෙම තරග සංචාරයම අහිමි වූ අතර, අබ්‍රාර් අහ්මඩ්ට ආබාධයක් නිසා පළමු තරගය අහිමි වුණා. ඔහුට ද තරග සංචාරයම අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කෙරුණු නෝමන් අලී ද ඇගිල්ලක ආබාධයකට ලක් වුණා.

වේග පන්දු යවන්නන් ලෙස පාකිස්තාන ටෙස්ට් සංචිතයේ මේ වන විට හසන් අලී හා මොහමඩ් වසීම් රැදී සිටිනවා.

දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර පාකිස්තාන කණ්ඩායම හෙට(22) සිට Victorian XI කණ්ඩායමට එරෙහිව දෙදින පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානය ලකුණු 360කින් පරාජයට පත් වුණා. පාකිස්තානය අවසන් වරට ඔස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරගයක් ජය ගෙන ඇත්තේ 1995 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...