නවකයින් 7 ක් සමග කොදෙව් ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පිතිකරු Zachary McCaskie, කඩුලු රකින ක්‍රීඩක Tevin Imlach, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Justin Greaves, Kavem Hodge හා Kevin Sinclair මෙන්ම වේග පන්දු යවන්නන් වන Akeem Jordan හා Shamar Joseph එලෙස සංචිතය සදහා නම් කර තිබෙනවා.

20යි 20 ලීග් තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් ජේසන් හෝල්ඩර් හා ක්යල් මේයර්ස් මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළා.

වේග පන්දු යවන ක්‍රීඩක ජෙයිඩ්න් සීල්ස්ට ද උරහිසක ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ අල්සාරි ජෝසප්.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ජනවාරි 17 වැනිදා ඇඩිලේඩ් හී දී ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස බ්‍රිස්බේන් හී දී ජනවාරි 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර එක්දින තරග 3 ක් හා 20යි 20 තරග 3ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලිය සදහා වන කොදෙව් සංචිත මෙතෙක් නිවේදනය කර නැහැ.

West Indies Test squad for Australia series :
Kraigg Brathwaite (capt), Alzarri Joseph, Tagenarine Chanderpaul, Kirk McKenzie, Alick Athanaze, Kavem Hodge, Justin Greaves, Joshua Da Silva, Akeem Jordan, Gudakesh Motie, Kemar Roach, Kevin Sinclair, Tevin Imlach, Shamar Joseph, Zachary McCaskie

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...