කලුපටි පැළද ක්‍රීඩා කළ කවාජාට එරෙහිව අයි.සී.සීයෙන් චෝදනා ගොණු කෙරේ

Date:

පර්ත් හී දී පාකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කලු පටියක් පැළදීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් චෝදනා ගොණු කිරීමක් සිදු කර තිබෙනවා.

ඔහු පුහුණුවීම් අතරතුර දී “all lives are equal” හා “freedom is a human right” යනුවෙන් සදහන් වදන් සිය සපත්තුවල සටහන් කර තිබූ නමුත්, එම වදන් සහිත සපත්තු පැළද ක්‍රීඩා කිරීමට ඔහු කටයුතු කළේ නැහැ.

ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි ඔහු එලෙස සටහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, එම වදන් සහිග සපත්තු පැළදීම වෙනුවට උස්මාන් කවාජා කලු පටියක් පැළද පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ ද ගාසා අර්බුදය පිළිබද අවධානය යොමු කිරීමේ අරමුණින්.

යම් කනගාටුදායක අවස්ථාවකදී මෙලෙස කලුපටි පැළද ක්‍රීඩා කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ සාමාන්‍ය සිදුවීමක් වුවත්, ඒ සදහා අදාළ රටේ ක්‍රිකට් ආයතනයේ හා අයි.සී.සීයේ අවසරය ලබා ගත යුතුයි.

කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරගයේ දී කවාජා කලුපටි පැළදීම සදහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් හා අයි.සී.සීයෙන් අවසර ලබා ගැනීමක් සිදු කර තිබුණේ නැහැ.

ඒ අනුව ඔහු ඇඳුම් පැළඳුම් සහ උපකරණ රෙගුලාසිහි F වගන්තිය කඩ කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොණු කර ඇති බවයි අයි.සී.සී ප්‍රකාශකයෙකු ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ.

ඔහුට එරෙහිව ලබා දෙන දඩුවම මෙතෙක් නිවේදනය කර නැතත්, එය බොහෝ විට නිල අනතුරු ඇගවීමක් පමණක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...