ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අසාර්ථක ආරම්භයක් ලබා ගනිමින් නැමීබියාව හමුවේ ලකුණු 55 ක අමිහිරි හා අනපේක්ෂිත පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(16) සිදු වුණා.

ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි පැවැති තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 164 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව සමත් වූ නමුත්, ශ්‍රී ලංකාවට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

දසුන් ශානක ලකුණු 29ක්, භානුක රාජපක්ෂ ලකුණු 20 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 12 ක් රැස් කළා. මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 11යි.

පන්දු යැවීමේ දී David Wiese, Bernard Scholtz, Ben Shikongo හා Jan Frylinck කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 163 ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 93 දී බිද වැටුණා. කෙසේ වෙතත්, අනතුරුව Jan Frylinck  හා JJ Smit සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ 7 වැනි කඩුල්ලට පන්දු 33 කින් ලකුණු 69 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

Frylinck ලකුණු 44(28) ක් හා Smit නොදැවී ලකුණු 31(16) ක් ලබා ගත්තා.

Also Read : ඩිල්ෂාන් වෙනුවට ආදේශ කළ ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න හා වනිදු හසරංග කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...