ඩිල්ෂාන් වෙනුවට ආදේශ කළ ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය

Date:

වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ ඩිල්ෂාන් මදුෂංක වෙනුවටයි බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇත්තේ.

ඊයේ(15) සිදු කළ පුහුණුවීම් අතරතුර දී යි ඩිල්ෂාන් මදුෂංක ආබාධයකට ලක් වුණේ.

ආදේශක ක්‍රීඩකයෙකු සංචිතයට නිල වශයෙන් ඇතුළත් කිරීමට පෙර ඒ සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිව අවශ්‍ය වනවා.

තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වීම හේතුවෙන් බිනුර ප්‍රනාන්දු කඩිනමින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රිකට් තේරීම් කමිටුව අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු නම් කළ අතර, ඒ අතරට බිනුර ප්‍රනාන්දු ද ඇතුළත්ව සිටියා.

කෙසේ වෙතත්, අතිරේක ක්‍රීඩකයින් අතරින් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව ගොස් තිබුණේ අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රම පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...