නෙදර්ලන්තයේ ජයත් සමග ශ්‍රී ලංකාව A කාණ්ඩයේ අවසන් තැනට ඇද වැටෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදා කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම අද(16) සමත් වුණා.

ජීලෝන්ග්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 111 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට නැමීබියාව සමත් වුණා.

ඒ අනුව මේ වන විට A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට නැමීබියාව සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 2ක් සමගින් 2.750 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගෙන යමින්.

ප්‍රසාද ලකුණු දෙකකට හිමිකම් කියන නෙදර්ලන්තය 0.097 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල (-0.097 ) තෙවැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව (-2.750 ) අවසන් ස්ථානයේත් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...