බර්න්ස්, ලෝරන්ස් එංගලන්තය බේරා ගනිද්දී නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(10) නිමා වුණා.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 258ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් රෝරි බර්න්ස් සහ ඩොම් සිබ්ලි අතර ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගුණා.

සිබ්ලි ලකුණු 35කටත්, බර්න්ස් ලකුණු 81කටත් දැවී ගියා.

සැක් ක්‍රව්ලි ලකුණු නොලබා දැවී යද්දී නායක ජෝ රූට් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 67ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි සහ අජාස් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගය බර්මිංහැම්හී දී පැවැත්වෙන අතර, මෙම තරගයේ දී නවසීලන්තය මෙහෙයවනු ලබන්නේ ටොම් ලේතම් විසින්.

ඒ, නිත්‍ය නායක කේන් විලියම්සන් ආබාධයකට ලක්වීම හේතුවෙන්.

එමෙන්ම මෙම තරගය සදහා නවසීලන්තය වෙනස්කම් 6ක් සිදු කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව විල් යන්ග්, ටොම් බ්ලන්ඩල්, ඩැරල් මිචෙල්, මැට් හෙන්රි, අජාස් පටෙල් සහ ට්‍රෙන්ට් බෝල්ට් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන තිබුණේ.

බී.ජේ. වොට්ලින් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට ටොම් බ්ලන්ඩල් කඩුලු රැකීමේ කාර්යය සිදු කරනවා.

එංගලන්තය මෙම තරගය සදහා එක් වෙනස්කමක් සිදු කළා.

ඒ අනුව ඔලී රොබින්සන් වෙනුවට ඔලී ස්ටෝන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගැනුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...