ලුන්ගි සහ අන්රිච්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ කොදෙව්වන් 97කට දැවී යයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(10) ශාන්ත ලුසියා හීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ගත් එම තීරණයට කිසිදු පිතිකරුවෙකු සාධාරණයක් ඉටු කළේ නැහැ.

ඒ අනුව කොදෙව් පළමු ඉනිම නිමාව දුටුවේ සියලු දෙනා දැවී ලකුණු 97ක් ලෙසයි.

ජේසන් හෝල්ඩර් ලකුණු 20ක් රැස් කළ අතර, බ්‍රැත්වෙයිට් සහ ශායි හෝප් ලකුණු 15 බැගින් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ ලුන්ගි එන්ගිඩී ලකුණු 19කට කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙනුණා.

ඔහුට අනගි සහායක් ලබා දුන් අන්රිච් නොකියා ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා.

මෙය 2010 වසරෙන් පසුව කොදෙව් දේශයේ දී දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයක නිරත වන පළමු අවස්ථාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...