තිසරගේ සුපිරි පන්දු යැවීම අපතේ යයි; කරච්චියට ලකුණු 12ක පරාජයක්

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගයෙන් කරච්චි කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හි පැවැති මෙම තරගයේ දී කරච්චි කිංග්ස් කණ්ඩායම පළමු වරට නියෝජනය කිරීමේ අවස්ථාව හිමි කර ගත් තිසර පෙරේරා පන්දු යැවීමෙන් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීම කැපී පෙනුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්ටාන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා.

කුෂ්දිල් ශාහ් (නොදැවී) සහ රිලී රොසොව් ලකුණු 44 බැගින් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා පන්දුවාර 3ක් තුළ ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරච්චි කණ්ඩායමට කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි.

බබාර් අසාම් පන්දු 63කින් නොදැවී ලකුණු 85ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

අවසන් පන්දුවාරයේ දී පිටියට පිවිසි තිසර පෙරේරා ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

පන්දු යැවීමේ දී ඉම්රාන් ඛාන් කඩුලු 3ක් සහ ඉම්රාන් තහීර් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...