පැතුම්ගේ 74 හා පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා ශ්‍රී ලංකාවට පළමු ජය හිමි කර දෙයි

Date:

මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමේ තම බලාපොරොත්තු රදවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට අද(18) සමත් වුණා.

ඒ, පළමු වටය යටතේ A කාණ්ඩයේ තරගයක් ලෙස අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 79ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

ජීලෝන්ග්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 152 ක් ලබා ගනිමින්.

එමීර් කණ්ඩායමේ කාර්තික් මෙයියප්පන් විසින් භානුක රාජපක්ෂ, චරිත් අසලංක හා දසුන් ශානක පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කරමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යමින් සිටි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 152 සීමාවේ නතර කිරීමට සමත් වුණා.

ඒ අනුව ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට කැදවූ චරිත් අසලංකට මෙම තරගයේ දී පළමු පන්දුවෙන්ම දැවී යාමට සිදු වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 60 කින් ලකුණු 74 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 18යි. ධනංජය ද සිල්වා ලකුණු 33(21) කට දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී කාර්තික් මෙයියප්පන් ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ වේගය හා දෝලනයට නිසි අයුරින් මුහුණ දීමට නොහැකි වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය මුල්පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමත් සමග තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට පහසුවෙන් නතු වුණා.

පන්දුවාර 17.1 ක් අවසානයේ දී එමීර් රාජ්‍ය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 73 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අෆ්සාල් ඛාන් ලකුණු 19 ක් රැස් කළ අතර, චිරාග් සූරි ලකුණු 14 ක් ලබා ගත්තා. Junaid Siddique ලකුණු 18 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 15කට කඩුලු 3 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 8කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මේ අතර, සිය අවසන් පන්දුවාරය යොමු කරන අතරවාරයේ දී දුෂ්මන්ත චමීර ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමට කටයුතු කළා.

https://twitter.com/cric12222/status/1582350416054202368?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...