2023 ආසියානු කුසලානයට අපි පාකිස්තානයට යන්නේ නැහැ : ඉන්දීය ක්‍රිකට් ආයතනය

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යැවීමෙන් වැළකීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද(18) මුම්බායි හී දී පැවැති  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ලයේ 91 වැනි මහා සභා රැස්වීමේ දී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව පාකිස්තානය හැර වෙනත් රටකදී අදාළ තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය බවට ඉන්දීය ක්‍රිකට් බළධාරීන් මෙහිදී තීරණයකට එළඹ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

“අපි පාකිස්තානයට නොයන බව තීරණය කළා. මධ්‍යස්ථ රටක ක්‍රීඩා කිරීමට මම තීරණය කරලා තියෙනවා” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් හා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ශාහ් සදහන් කළා.

මෙම වසරේ පැවැති පන්දුවාර 20යි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරක අයිතියට යටත්ව තරගාවලිය මධ්‍යස්ථ රටක් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී යි පැවැත්වුණේ.

ලබන වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම එක් වීමට ඉඩ ඇති බවට මීට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා පල කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...