ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ආබාධවලට ලක් වෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින්ගේ ආබාධ හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

තරගාවලිය ආරම්භ වීමටත් පෙර ආබාධයක් හේතුවෙන් වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, මේ වන විට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ද ආබාධවලට ලක්ව සිටිනවා.

මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගය සදහා ද ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ පාදයක ආබාධයක් හේතුවෙන්.

අද තරගය අතරතුර දී වේග පන්දු යවන ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර හා ප්‍රමෝද් මදුෂාන් ද ආබාධවලට ලක් වුණා.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම හෙට දිනයේ දී වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීමට නියමිතයි.

දුෂ්මන්ත චමීරගේ ආබාධය තරමක් බරපතල බවට වාර්තා වන අතර, ධනුෂ්ක ගුණතිලකගේ හා ප්‍රමෝද් මදුෂාන්ගේ ආබාධ තත්ත්වයන් එතරම් බරපතල නොවන බව සදහන්.

කෙසේ වෙතත්, හෙට දිනයේ සිදු කරන වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ගේ යෝග්‍යතාවය පිළිබද අවසන් වශයෙන් තීරණයකට එළඹෙනු ඇති.

මේ වන විට පවතින තත්ත්වය අනුව දුෂ්මන්ත චමීරට නෙදර්ලන්තයට එරෙහි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවට වාර්තා වන අතර, ඔහුට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වීමේ දැඩි අවධානමක් ද මතුව තිබෙනවා.

ලෝක කුසලානයේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අනිද්දා (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ආබාධයකට ලක් වූ ඩිල්ෂාන් මදුෂංක වෙනුවට සංචිතයට ආදේශ කෙරුණු බිනුර ප්‍රනාන්දු මේ වන විට ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...