තහනමකින් හෝ නෙරපා හැරීමකින් ගැළවෙන්න ඇමෙරිකාවට අයි.සී.සීයෙන් මාස 12 ක සහන කාලයක්

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයට හා චිලී ක්‍රිකට් ආයතනයට එරෙහිව අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ICC සාමාජිකත්ව නිර්ණායකවලට අනුකූල නොවී එම ආයතන දෙක මේ වන විට කටයුතු කරමින් සිටින අතර, එය නිවැරැදි කර ගැනීම සදහා ඔවුන්ට වසරක කාලයක් ලබා දෙන බවටයි අයි.සී.සීය දැනුම් දී ඇත්තේ.

එම ක්‍රිකට් ආයතන දෙකම යහපත් පාලනයක්, පරිපාලන ව්යුහයක් සහ පද්ධතියක් ස්ථාපිත කර නොමැති බව අයි.සී.සීය පෙන්වා දෙනවා.

ICC සාමාජිකත්ව නිර්ණායකවලට අනුකූල නොවී කටයුතු කරන්නේනම් එම ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ නෙරපා හැරීමට කටයුතු කරන බවට ද අයි.සී.සීය අනතුරු අගවනවා.

අද(22) කොළඹ දී නිමා වූ අයි.සී.සී වාර්ෂික සමුළුවේ දී මීට අදාළ තීන්දු තීරණ ගෙන ඇති අතර, සාමාජික රටවල් 108 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය ICC සාමාජිකත්ව නිර්ණායකවලට අදාළ කරුණු දෙකක් උල්ලංඝනය කර ඇති බව සදහන්.

එනම්, පූර්ණකාලීන ප්‍රධාන විධායක නිලධාරියෙකු නොමැති වීම හා එරට ක්‍රිකට් ආයතනයට ඇමෙරිකා එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුවේ පිළිගැනීමක් නොතිබීම යන කරුණුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...