T20 ලෝක කුසලානය ගැන පරීක්ෂණයක් සිදු කරන්න අයි.සී.සීයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

Date:

ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැති 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) තීරණය කර තිබෙනවා.

අයි.සී.සී අධ්‍යක්ෂවරු තිදෙනෙකු වන Roger Twose, Lawson Naidoo හා Imran Khwaja විසින් මෙම සමාලෝචනය සිදු කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මෙම වසර අවසානයේ දී ඔවුන් තිදෙනා විසින් සිය වාර්තාව අයි.සී.සීය වෙත භාර දීමට නියමිතයි.

අද(22) කොළඹ දී නිමා වූ අයි.සී.සී වාර්ෂික සමුළුව අතරතුර දී මෙම තීරණය ගෙන තිබෙනවා. සාමාජික රටවල් 108 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටියා.

නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇතිව තිබූ අතර, ඇමෙරිකානු අදියර සදහා වැය වූ මුදල් ප්‍රමාණය ද සීමාව ඉක්මවා ගොස් තිබූ බවට තොරතුරු වාර්තා වී තිබුණා. ඒ අනුව ඇමෙරිකානු අදියරෙන් අයි.සී.සීයට ඩොලර් මිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව නිව්යෝර්ක් ක්‍රීඩාංගනයට යොදා ගත් තණතීරුවල ප්‍රමිතිය පිළිබදව ද දැඩි ගැටලු ඇති වූ අතර, ප්‍රවාහන ඇතුළු තරගාවලියට ලබා දිය යුතු මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ද විවිධ ගැටලු මතු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...