වාර්තා රැසක් අලුත් කරමින් චමරිගේ සුපිරි ශතකය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 144 ක දැවැන්ත ජයක්

Date:

චමරි අතපත්තු ලබා ගත් සිය තෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර ශතකය හමුවේ මෙවර ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී තමන් ලැබූ දෙවැනි ජය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, මැලේසියාවට එරෙහිව පැවැති තරගාවලියේ 7 වැනි තරගයෙන් ලකුණු 144 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්. එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගත් ඉහළම පරතරය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාවට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 40 ක් පමණයි.

චමරි පන්දු 69කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 119 ක්. හයේ පහර 7ක් සහ හතරේ පහර 14 ක් ඇයගේ ඉනිම වර්ණවත් කළා.

මෙය පන්දුවාර විස්සයි 20 කාන්තා ආසියානු කුසලාන තරගාවලියකදී පිතිකාරිණියක් වාර්තා කළ පළමු ශතකය වීමද විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දී ඕනෑම රටක පිතිකාරිණියක් කාන්තා විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ පළමු ශතකය වන්නේ ද චමරි අද වාර්තා කළ ශතකයයි. චමරි අද ලබා ගත් ලකුණු 119 ඇය විස්සයි 20 ජාත්‍යන්තර ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.

ඔහුට අනගි සහායක් ලබා දුන් අනුෂ්කා සංජීවනී ලකුණු 31(24) ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 26(23) ක් රැස් කළා.

පිළිතුරු මැලේසියානු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Elsa Hunter. ඇය ලකුණු 10 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී 15 හැවිරිදි ශශිනි ගිම්හානි ලකුණු 9කට කඩුලු 3 ක් දවා ගත්තා. කාව්‍යා කවිදි හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්. ශුද්ධ ලකුණු වේගය සටහන්ව ඇත්තේ 4.243 ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...