කොළඹ දී නිමා වූ ICC සමුළුවේ දී ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගත් තීරණ 3 ක් නිවේදනය කෙරේ

Date:

2030 වසරේ සිට කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීමට ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අද (22) කොළඹ දී නිමා වූ අයි.සී.සී වාර්ෂික සමුළුවේ දී යි.

ඒ අනුව 2026 වසරේ සිට රටවල් 12 ක් ක්‍රීඩා කිරීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා 2030 වසරේ සිට රටවල් 16 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර සදහා 2009 වසරේ දී ක්‍රීඩා කළේ රටවල් 8 ක් පමණයි.

එය 2016 වසරේ දී රටවල් 10 ක් දක්වා ඉහළ නැංවුණු අතර, 2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත රටවල් ගණන 10 ක්.

මේ අතර, 2026 වසරේ දී ශ්‍රී ලංකාවේ දී හා ඉන්දියාවේ දි පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් කණ්ඩායම් ස්ථාන වෙන් කර ගන්නා ආකාරය ද අයි.සී.සීය අද තහවුරු කළා.

ඒ අනුව අප්‍රිකානු කලාපයෙන් හා යුරෝපා කලාපයෙන් රටවල් දෙක බැගින් ද, ඇමෙරිකානු කලාපයෙන් එක් රටක් ද, ආසියා හා නැගෙනහිර ආසියා පැසිෆික් (EAP) කලාප ඒකාබද්ධව රටවල් 3 ක් ද 2026 වසරේ පැවැත්වෙන රටවල් 20 ක් ක්‍රීඩා කරන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මේ අතර, එලියට් මඩුල්ලේ විනිසුරු නියෝජනයක් (Elite Umpire representative) ලෙස Paul Reiffel ද, එලියට් තරග තීරක මඩුල්ලේ නියෝජනයක් (Elite Referees representative) ලෙස Richie Richardson ද අයි.සී.සී පිරිමි ක්‍රිකට් කමිටුව සදහා පත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...