2026 T20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ රටවල් 12 තහවුරු වෙයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපය මේ දිනවලදී පැවැත්වෙනවා.

අද දිනයේ පැවැති නේපාල-බංග්ලාදේශ තරගයෙන් බංග්ලාදේශය ජය ගැනීමත් සමග තරගාවලියේ සුපිරි අට වටය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් අට ද මේ වන විට තහවුරු වී අවසන්.

එම ප්‍රතිපලයත් සමග 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන රටවල් 12 ද මේ වන විට තහවුරු වී තිබෙනවා.

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි.

ඒ අනුව තරගාවලියේ සත්කාරක රටවල් වන බැවින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව එම ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා තිබුණා.

ඊට අමතරව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම් ද 2026 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන බවයි අයි.සී.සීය මීට පෙර නිවේදනය කර තිබුණේ.

ඒ අනුව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙව්වන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ සිය ස්ථාන මේ වන විටත් වෙන් කර ගෙන අවසන්.

රටවල් 20 ක් ක්‍රීඩා කරන තරගාවලිය සදහා රටවල් 12 ක් සෘජුව සුදුසුකම් ලබන අතර, සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ හා සත්කාරක රටවල් හැරුණු විට රටවල් 12 සම්පූර්ණ වීමට අවශ්‍ය සෙසු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තෝරා ගනු ලබනවා.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන අයර්ලන්තය, නවසීලන්තය හා පාකිස්තානය ද 2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා මේ වන විට සෘජුව සුදුසුකම් ලබා තිබෙනවා.

සෙසු කණ්ඩායම් 8 තෝරා ගනු ලබන්නේ කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි හරහායි.

මෙවර තරගාවලියට ක්‍රීඩා කළ කැනඩාව, ස්කොට්ලන්තය, නැමීබියාව, ඕමානය, උගන්ඩාව, පැපුවා නිව් ගිනියාව, නෙදර්ලන්තය හා නේපාලයට ද එම කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට සිදුවනවා.

© Cricinfo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...