ජොෆ්ර ආචර්ට අනතුරු ඇගවීමක් සමග දඩ පනවයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට දඩ නියම කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, කණ්ඩායමේ ජෛව ආරක්ෂිත උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන්.

දඩ පැනවීමට අමතරව ඔහුට නිල අනතුරු ඇගවීමේ ලිපියක් ද ක්‍රිකට් ආයතනය විසින් ලබා දී ඇති බව සදහන්.

පනවන ලද දඩ මුුදල කොපමණක් ද යන්න එංගලන්ත ක්‍රිකට් ආයතනය අණාවරණය කර නැහැ.

පසුගිය සදුදා 25 හැවිරිදි ජොෆ්ර ආචර් සවුත්හැම්ටන් සිට(කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගය පැවැති) මැන්චෙස්ටර් වෙත(දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන) පැමිණෙන අතරතුර සිය නිවස වෙත ගොස් ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

එම වරද ඔහු ඊයේ(17) පැවැති විනය පරීක්ෂණයේ දී පිළිගෙන ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජෛව ආරක්ෂිත ක්‍රමවේද යටතේයි පැවැත්වෙන්නේ.

ඒ අනුව කිසිදු ක්‍රීඩකයෙකුට බාහිර පාර්ශවයක් සමග සම්බන්ධතා පැවැත්වීමට මෙම කාලසීමාවේ දී හැකි වන්නේ නැහැ.

ඒ අනුව ජෛව ආරක්ෂිත උපදෙස් නොසලකා කටයුතු කළ ජොෆ්ර ආචර් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීමට පසුගියදා එරට ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර, මේ වන විට ඔහුව දින පහක කාලයක් ස්වයං නීරෝධායනයට ද ලක් කර තිබෙනවා.

ජොෆ්ර ආචර් ලබන 21 වනදා සංචිතය හා එක්වීමට නියමිතව ඇතත් ඊට පෙර ඔහුට කොරෝනා සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත්වීමට ද සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...