ඩිවිලියස් සහ මාක්‍රම්ගෙන් සුපිරි පිතිහරඹයක් – 3T තරගයේ ජය ඩිවිලියස්ගේ පිලට

Date:

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හි පැවැති කණ්ඩායම් 3ක් ක්‍රීඩා කළ 3T ක්‍රිකට් තරගයේ ජය හිමි කර ගැනීමට ඒ.බී. ඩි විලියස් නායකත්වය දැරූ Eagles කණ්ඩායම සමත් වුණා.

ඔවුන් මෙම තරගයේ දී කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 160ක්.

එහිදී ඒඩ්න් මාක්‍රම් පන්දු 33කදී ලකුණු 70ක් සහ ඒ.බී ඩි විලියස් පන්දු 24කින් ලකුණු 61ක් ලබා ගත්තා.

තරගයේ දෙවැනි ස්ථානය ටෙම්බා බවුමා නායකත්වය දැරූ Kites කණ්ඩායම හිමි කර ගත්තේ කඩුලු 3ක් දැවී ලකුණු 138ක් ලබා ගනිමින්.

රීසා හෙන්ඩ්‍රික්ස් නායකත්වය දැරූ Kingfishers කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 113 ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත් වුණා.

පන්දුවාර 36ක තරගයක් ලෙස පැවැති මෙම තරගයේ දී එක් කණ්ඩායමක් පිතිකරණයේ නිරත වූ පන්දුවාර සංඛ්‍යාව 12ක්.

එක් කණ්ඩායමක් සදහා ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කළ අතර, සමස්ත තරගය අර්ධ දෙකක් ලෙසයි ක්‍රියාත්මක වුණේ.

එබැවින් තරගයේ දී එක් කණ්ඩායමකට පන්දුවාර 6 බැගින් අවස්ථා දෙකක් පිතිකරණයේ නිරත වීමට අවස්ථාව හිමි වුණා.

එහිදී වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම වූ ඒ.බී. ඩි විලියස් නායකත්වය දැරූ Eagles කණ්ඩායම පළමු වරට සංවිධාන කළ සහයෝගීතා කුසලාන තරගයේ ජය හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...