සංගාගේ කණ්ඩායමට කෝටි 4800ක වන්දි මුදලක් ගෙවන්නැයි නියෝග

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට එක් වූ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයට ඉන්දීය රුපියල් කෝටි 4800ක (4814.67) වන්දි මුදලක් ගෙවන ලෙසට බොම්බේ මහාධිකරණය පත් කළ විනිශ්චය සභාවක් විසින් එරට ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා.

ඒ, ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරමින්.

අයි.පී.එල් තරගාවලිය ආරම්භ වූ 2008 වසරේ දී ම තරගාවලියට එක් වූ ඩෙකෑන් කණ්ඩායම 2009 වසරේ දී එහි ශූරතාවය ද දිනා ගත්තා.

කෙසේ වෙතත්, 2012 වසරේ සැප්තැම්බර් 15 වනදා ඩෙකෑන් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමග ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

ඒ, ඉන්දීය රුපියල් කෝටි සියයක බැංකු ඇපකරයක් ලබා දීමට ඔවුන් අසමත්වීමේ සිද්ධීයක් හේතුවෙන්.

ක්‍රීඩකයින්ට නියමිත කාලයට ගෙවීම් සිදු නොකළ බවට ද කණ්ඩායම් හිමිකාරීත්වයට චෝදනා එල්ල වී තිබුණා.

ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ අවසන් නායකයා වූයේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...