කොදෙව් සංචාරය තහවුරුයි – කාලසටහනත් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට අදාළ තරග කාලසටහන අද(16) ප්‍රකශයට පත් කෙරුණා.

මෙම තරග සංචාරයේ දී කණ්ඩායම් දෙක අතර ටෙස්ට්, එක්දින සහ 20යි 20 තරග පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 23 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ 20යි 20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇති.

පළමු 20යි 20 තරගය මාර්තු 03 වැනිදා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මාර්තු 05 සහ 07 යන දෙදින සෙසු 20යි 20 තරග දෙක පැවැත්වෙනවා.

එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ඇරඹෙන අතර දෙවැනි එක්දින තරගය 12 වැනිදා ද, තෙවැනි එක්දින තරගය 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 17 සහ 18 යන දිනවලදී දෙදින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතයි.

අනතුරුව මාර්තු 21 වැනිදා පළමු ටෙස්ට් තරගය ද, මාර්තු 29 වැනිදා දෙවැනි ටෙස්ට් තරගය ද ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...