ඩු ප්ලෙසිස්, ස්ටිර්ලින්ග් පාකිස්තාන සුපර් ලීගයට ආදේශ කෙරේ

Date:

එළඹෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩක ආදේශ කිරීම් වශයෙන් ෆෆ් ඩු ප්ලෙසිස්, ෆාවඩ් අහ්මඩ්, Tom-Kohler Cadmore, පෝල් ස්ටිර්ලින්ග් සහ අලී ඛාන් එක් වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

පසුගිය තරග වාරයේ දී පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කළ ඩු ප්ලෙසිස් මෙවර තරග වාරය වෙනුවෙන් එම කණ්ඩායම සදහාම ආදේශ කර ඇත්තේ ක්‍රිස් ගේල් වෙනුවටයි.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම විසින් ආදේශ කිරීම් 3ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ෆාවඩ් අහ්මඩ්, අලී ඛාන් සහ ස්ටිර්ලින්ග් සංචිතයට ආදේශ කර ඇත්තේ කොලින් මොන්රෝ, Reece Topley සහ ක්‍රිස් ජෝර්ඩන් වෙනුවටයි.

Tom-Kohler Cadmore ග්ලැඩියේටර්ස් කණ්ඩායම සදහා ඇතුළත් කර ඇති බව සදහන්.

ඒ, ලියම් ලිවින්ග්ස්ටෝන් වෙනුවටයි.

6 වැනි වරටත් මෙවර සංවිධාන කර ඇති පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 20 වනදා ආරම්භ වීමට නියමිත අතර, සියලු තරග කරච්චි සහ ලාහෝර් හී දි පැවැත්වෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...