ධම්මික ප්‍රසාද් සමු ගැනීම තහවුරු කරයි

Date:

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසනවා.

මීට පෙර ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් ඉගි පල කළ බව අප ඔබට වාර්තා කළා. Also Read : ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියට සමු දීමේ තීරණයක

37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25කට, එක්දින තරග 24කට සහ එක් 20යි 20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර තිබුණා.

ටෙස්ට් පිටියේ දී කඩුලු 75ක් බිද හෙලූ ඔහු එක්දින තරගවලදී බිද හෙලා ඇති කඩුලු ගණන 32ක්.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩා කළේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී යි.

පළමු පෙල තරග 130කදී ධම්මික ප්‍රසාද් බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 351ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...