කුසල් මෙන්ඩිස්ටත් කොරෝනා ; ඔස්ට්‍රේලියානු තරගාවලියත් අහිමි වීමේ අවධානමක්

Date:

ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරු කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැදී සිටින අතර, එරට දී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අද(8) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමි වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිව යමක් ප්‍රකාශ කළ නොහැකි බව දසුන් කියා සිටියා.

බොහෝ විට 20යි 20 තරගාවලියේ දී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කළේ.

කෙසේ වෙතත්, මීට පෙර කොවිඩ් 19 ආසාදනය වූ බවට අනාවරණය වූ චාමික කරුණාරත්නට හා නුවන් තුෂාරට ගැටලුවකින් තොරව 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකි බව දසුන් ශානක පවසා සිටියා.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...