චමරි අතපත්තු ICC සම්මානයකට නිර්දේශ කෙරේ

Date:

ජනවාරි මාසය සදහා වන අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට අදාළ නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(8) නිවේදනය කළා.

ක්‍රීඩකයින් තිදෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙකු ජනවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අතරට අයත්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ද ජනවාරි මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැති තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට චමරි සමත් වුණා.

එම තරගාවලියේ දී චමරි අතපත්තු ලකුණු 221 ක් ලබා ගත්තේ 55.25 ක ඉනිමක සාමාන්‍යයක් හා 185.71 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

ඇය සමග මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත් කර ඇති සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩීන්ඩ්‍රා ඩොටින් (Deandra Dottin) හා එංගලන්ත නායිකා හේදර් නයිට්.

මේ අතර, මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මුල් පෙල පිතිකරු ඩිවෝල්ඩ් බ්‍රේවිස් (Dewald Brevis) ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

අනෙක් නිර්දේශිත නාම වන්නේ බංග්ලාදේශයේ එබඩොට් හොසේන් හා දකුණු අප්‍රිකාවේ කීගන් පීටර්සන්.

ලබන සතියේ දී අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නිවේදනය කිරීමට නියමිතව ඇති අතර, එම ක්‍රියාවලිය සදහා ලොව පුරා ප්‍රේක්ෂකයින් ලබා දෙන මනාප ද සැලකිල්ලට ගනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...