එංගලන්තයත් පාකිස්තාන තරග සංචාරය අවලංගු කරයි

Date:

ලබන මාසයේ දී පාකිස්තානයේ සිදු කිරීමට නියමිතව තිබූ තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම සිය පාකිස්තාන තරග සංචාරය පළමු එක්දින තරගය ආරම්භ වීමට මොහොතකට පෙර අවලංගු කිරීමට තීරණය කිරීමෙන් දින 3කට පසුවයි එංගලන්තය ද මෙම තීරණය අද(20) ගනු ලැබුවේ.

ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව පවසමින් නවසීලන්තය සිය සංචාරය අවලංගු කළා.

එම තීරණයත් සමගයි එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ද ගැටලු සහගත තත්ත්වයකට පත් වුණේ.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ද ආරක්ෂක උපදේශකයින් ලෙස කටයුතු කරන්නේ නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශකයින් ලෙස කටයුතු කරන ESI Security ආයතනයයි.

පාකිස්තාන තරග සංචාරයේ දී එංගලන්ත පිරිමි කණ්ඩායම 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර, කාන්තා කණ්ඩායම 20යි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

20යි 20 තරග ඔක්තෝබර් 13 වනදා හා 14 වනදා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

“අපගේ ක්‍රීඩකයින්ගේ සහ සහායක කාර්යය මණ්ඩලයේ මානසික හා ශාරීරික සුවතාවය අපගේ ඉහළම ප්‍රමුඛතාවය වන අතර අප දැනට ජීවත් වන කාලය තුළ මෙය වඩාත් තීරණාත්මකයි.” යනුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

“කලාපය(පාකිස්තානය) තුළ සංචාරය කිරීම පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් වෙමින් පවතින බව අපි දන්නවා. අපි විශ්වාස කරන්නේ මෙවැනි තත්ත්වයන් යටතේ සංචාරය කිරීම, පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය සඳහා හොද සූදානමක් නොවනු ඇති බවයි”

කෙසේ වෙතත්, මෙම නිවේදනය තුළ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් විශේෂයෙන් සදහන් කර නැහැ.

එංගලන්ත පිරිමි කණ්ඩායම අවසන් වරට පාකිස්තානයේ සංචාරය කර ඇත්තේ 2005 වසරේදී යි.

කෙසේ වෙතත්, 2022 වසරේ දී පාකිස්තාන තරග සංචාරයක නිරත වීම සම්බනධයෙන් ද එංගලන්තය අවධානය යොමු කරන බවයි ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...