වනිදුගේ මංගල තරගයේ දී RCB පිලට දරුණු පරාජයක්

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) පිතිකරුවන් දැක් වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම (KKR) අද(20) සමත් වුණා.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග RCB කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගත්තා. RCB නායක විරාට් කෝලි ක්‍රීඩා කළ 200 වැනි අයි.පී.එල් තරගය වූයේ ද මෙම තරගයයි.

  • RCB 92/10 (19)

පළමුවෙන් පන්දුවට පහර දීමට කෝලි ගත් තීරණයට කිසිදු පිතිකරුවෙකු සාධාරණයක් ඉටු කළේ නැහැ. ඒ අනුව ඔවුන්ගේ ඉනිම පන්දුවාර 19කදී නිමා වුණේ සියලු දෙනා දැවී ලකුණු 92ක් ලෙස සටහන් වෙමින්.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 10කට සීමා කරමින් කෝලි ලකුණු 4කට පිටියෙන් ඉවත් වුණා. දෙව්දත් පඩික්කල් ලකුණු 22ක්, ශ්‍රිකර් භාරත් ලකුණු 16ක් හා හර්ෂාල් පටෙල් ලකුණු 12ක් රැස් කළා.

සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවන් වන ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 10කටත්, ඒ.බී. ඩි විලියර්ස් ලකුණු නොලබාත් දැවී ගියා.

  • වනිදුගේ මංගල ඉනිම

වනිදු හසරංගගේ මංගල අයි.පී.එල් ඉනිම ඉතිහාසයට එක් වුණේ ලකුණු 0ක් ලෙස සටහන් වෙමින්. ඔහු පළමු පන්දුවෙන්ම දැවී ගියේ වරුන් චක්‍රවර්තී යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.

වනිදු නිමා වූ තරග රැසකදීම සාර්ථක ඉනිමක් පිත්තෙන් දියත් කිරීමට සමත් වූයේ නැහැ.

  • වරුන් – රසල්ගේ සුපිරි පන්දු යැවීම

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී ලකුණු 13කට කඩුලු 3ක් ද ඇන්ඩ්‍රි රසල් ලකුණු 9කට කඩුලු 3ක් ද බිද හෙලුවා. වරුන් පන්දුවාර 4ම ක්‍රියාත්මක කළ අතර, රසල් යවනු ලැබුවේ පන්දුවාර 3ක් පමණයි.

ලුකී ෆර්ගියුසන් කඩුලු 2ක් දවා ගනිද්දී ප්‍රසිද් ක්‍රිෂ්ණා එක් කඩුල්ලක් දවා ගත්තා.

  • KKR 94/1 (10)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කළා.

ෂුබ්මන් ගිල් ලකුණු 48(34)කට දැවී ගියේ ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 82කට සීමා කරමින්. යුස්වේන්ද්‍ර චහෙල්ගේ පන්දුවක් හමුවේ යි ඔහු දැවී ගියේ. වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 41(27)යි.

වනිදු හසරංග පන්දුවාර 2ක් පමණක් යොමු කළ අතර, එහිදී ප්‍රතිවාදීන් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...