වනිදු මංගල IPL ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය අයුරු

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අද(20) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් වරම් දිනා ගැනීමට සමත් වුණා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගයේ දී යි.

මෙම තරගයේ බැංගලෝර් කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සාර්ථක පිතිහරඹයක නිරත වීමට කොල්කටා පන්දු යවන්නන් මුල සිටම ඉඩ ලබා දුන්නේ නැහැ.

සිය 200 වැනි අයි.පී.එල් තරගයට ක්‍රීඩා කරන නායක විරාට් කෝලිට මෙම තරගයේ දී රැස් කර ගත හැකි වූයේ ලකුණු 5ක් පමණයි.

සුපිරි පිතිකරු ඒ.බී ඩි විලියර්ස් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දවා ගැනීමට ඇන්ඩ්‍රි රසල් සමත් වුණේ සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින්.

මංගල අයි.පී.එල් ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි වනිදු හසරංගට ද පළමු පන්දුවෙන්ම යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණා.

ඒ, වරුන් චක්‍රවර්තී යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන්.

ඊට පෙර පන්දුවෙන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 10(17)කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...