එංගලන්තය පරදා අයර්ලන්තයට වර්ෂාව හමුවේ ලකුණු 5ක ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ එංගලන්තය පරදා ලකුණු 5ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද(26) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 158 ක ඉලක්කයක් හිමි වූ නමුත්, වර්ෂාව හේතුවෙන් එංගලන්ත ඉනිමේ ක්‍රියාත්මක වූයේ පන්දුවාර 14.3 ක් පමණයි.

ඒ වන විට එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීම සදහා ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 111 ක්. කෙසේ වෙතත්, එංගලන්තය ඒ වන විට කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 105 ක් පමණයි. ඒ අනුව අයර්ලන්තයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 5ක ජයක් හිමි වුණා.

ඉනිම ආරම්භයේ සිටම එංගලන්ත පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට අයර්ලන්ත වේග පන්දු යවන්නන් සමත් වුණා.

ජොස් බට්ලර් ලකුණු නොලබා දැවී ගියේ ඉනිමේ දෙවැනි පන්දුවේ දී යි. ඇලෙක්ස් හේල්ස් ලකුණු 7යි. බෙන් ස්ටොක්ස් ලබා ගත්තේ ලකුණු 6 ක් පමණයි.

හැරී බෘෘක් ලකුණු 18 (21) කට දැවී ගිය අතර, ඩේවිඩ් මලාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 35(37)ක්. මොයීන් අලී පන්දු 12 කින් නොදැවී ලකුණු 24 ක් රැස් කර කඩුල්ලේ රැදී සිටියා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව අයර්ලන්ත පිතිකරුවන් පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

නායක ඇන්ඩි බල්බර්නි පන්දු 47 කින් ලකුණු 62 ක් රැස් කළ අතර, ලෝකන් ටකර් ලකුණු 34 ක් රැස් කළා. කර්ටිස් කැම්පර් ලකුණු 18 යි.

පන්දු යැවීමේ දී ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 17 කට කඩුලු 3 ක් හා මාර්ක් වුඩ් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...