ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම යළි සමත්ව තිබෙනවා.

ඒ, තරගාවලිය යටතේ අද පැවැති 20 වැනි තරගයෙන් අයර්ලන්තය හමුවේ එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 5ක පරාජයක් ලැබීම හේතුවෙන්.

ඒ අනුව මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටි එංගලන්තය මේ වන විට තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, ඊයේ ඔස්ට්‍රේලියාව හමුවේ ලද පරාජයෙන් පසුව දෙවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා පසුබැස සිටි ශ්‍රී ලංකාව මේ වන විට යළි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව තරග දෙකකදී එක් ජයක් සමගින් ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගෙන සිටින අතර, ඔවුන්ට හිමි දල ලකුණු ලබා ගැනීමේ වේගය +0.450 ක්.

එංගලන්තය ද තරග දෙකක් ක්‍රීඩා කර එක් තරගයක් ජය ගෙන ප්‍රසාද ලකුණු 2 ක් සමග හිමි කර ගෙන සිටින දල ලකුණු ලබා ගැනීමේ වේගය +0.144 ක්.

පළමු කාණ්ඩයේ පෙරමුණ නවසීලන්තය හිමි කර ගෙන සිටිනවා. ඔවුන් ක්‍රීඩා කළ එකම තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, ඔවුන්ට +4.450 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් හිමිව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...